Tuesday, May 4, 2010

මේ ශ්‍රී දළදා මාලිගා පින්තුරයේ කතා වස්තුව

Best Blogger Tips

Dalada , originally uploaded by Priyantha Bandara.

මේ ශ්‍රී දළදා මාලිගාව රාත්‍රියට දිස්වන ආකාරය. මේ පින්තුරේ පිටිපස්සේ හොඳ කතාවක් තියෙනවා.

මේ පින්තුරේ ගත්තේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. හරියටම කිව්වොත් 2008 දෙසැම්බර් 2 ද රාත්‍රී 8.41 ට. මේක ගත්තේ මම මහියංගනයේ ගිහිල්ල ආපහු කොළඹ එන ගමනක. මාත් එක්ක තව යහළුවෝ කිහිපදෙනෙකුත් ගියා. මහියංගනයේ ගියේ සමාජසේවා වැඩකට. දුෂ්කර ඉස්කෝලෙකට පොත් පත් වගේම තවත් පහසුකම් කිහිපයක් සපයන්නය් ගියේ. ගිය වැඩේ හරියට කරගෙන එන සන්තොසේත් එක්ක දළදා මාලිගාව දැක්කම හිතට මහා ප්‍රීතියක් දැනුන. බෞද්ද අපට ඉතින් මෙතනට තියෙන භක්තිය ආයේ කියන්න ඕනෙද නේද? අනික ඉතින් ෆොටෝ ගහන අපිට තියෙන අර අමුතු කිචිය නිසා මහන්සි කියල බලන්නේ නෙතුව වාහනේ නවත්තල බැස්ස ෆොටෝ ගහන වැඩේට.

හැමෝටම මතක ඇති ඔය කියන දවස්වල ලංකාවේ ආරක්ෂක තත්වය එතරම්ම සුබදායක නැහැ. ඔය සති අන්තයේත් බස් එකක තිබිල බෝම්බයක් එහෙම හොයාගෙන තිබුන. මේ අහු අස්සේ මමත් ගිය මහා රාත්‍රියේ දළදා මාලිගාවේ ෆොටෝ ගහන්න . (ගොනා කියල මරන්නද නේ?) මාත් එක්ක සඳුන් කන්චනත් අවා tripod එක අටෝගෙන (ගොනා #2)

ත්‍රිපාදය (සිංහලෙන් කිව්වොත් tripod) එක අටවල පින්තුර කිහිපහයක් ගත්ත පට පට ගාල. මේවගේ වෙලාවක ෆොටෝ වලට ත්‍රිපාදයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද අඩු shutter ස්පීඩ් එකක් පාව්හිච්චි කරන්න වෙන නිසා කැමරා එක නිශ්චලව තියාගන්න බැරි නිසා. Remote shutter release එකකුත් තියෙනවනම් ඉතින් වැඩේ තවත් පංකාදු හතට කරන්න පුළුවන් හරි.

දැන් ඉතින් අපි ෆොටෝ ගහනකොට කිහිප දෙනෙක් ටිකක් අමුතු විදිහට බල බලත් ගියා ඔන්න. හරියටම විනාඩි 15 ක් විතර යනකොට පොලිසියේ මහත්වරු කිහිපයක් ආපි. අර වෙලාවේ වැව රවුමෙන් ගිය කවුද මන්ද දේශප්‍රේමියෙක් පොලිසියට කියල මම මෙතන ෆොටෝ ගහනවා කියල.

මොනවකරන්න ඉතින් ෆොටෝ වැඩේ එතැනින්ම නිමය්. කොහොමහරි නුවර පොලිසියටත් ගියා. ගිහිල්ල ටිකක් වෙලා චටෙර් අකකුත් කාල ඊටපස්සේ කැමරා එකේ තිබ්බ පින්තුර එකින් එක එතන හිටපු පරිගණක රසායනාගාරයේ මහත්වරුන්ට පෙන්නුවා. අනේ ඉතින් ඒගොල්ලන්ට තේරුණා අපි ත්‍රස්තවාදියෝ නෙමේ කියල!! කොහොම කොහොම හරි විනාඩි පහළොවේ වැඩේට පැය එකහමාරක් විතර ගත කරලා අපි නුවරින් පිටත් උනා.

මේ පින්තුරේ දකින වාරයක් ගානේ මට ගොඩක් දේවල් මතක් වෙනවා. එකක් තමය් අපේ මිනිස්සු ඒ කාලේ කොය්තරම් විමසිල්ලෙන් හිටපු නිසාද වෙන්න තිබුන මහා විනාශයන් ගොඩකින් බේරුනේ. අනික රැයක් දවාලක් නොබලා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ආරක්ෂක අංශ වල උදවිය ගෙනත් අමතක නොකරම බැහැ. අපිට ටිකක් කරදර උනත් එකරදරය අපේම ආරක්ෂාවට කියල සමහර විට අපිටම අමතක වෙනවා නේ?

2 comments:

  1. අය්යේ ෆොටෝ එකනම් පට්ට. Auto Mode එකේ photo අරන් photographers වෙන්න හදන යට වඩා, subject එක හරියට දැනැගෙන මෙච්චර කටු කාල මේවගේ සිරා Photo ගන්න අය්යලව අදහන්න වටිනවා.

    ReplyDelete
  2. auto ෆොටෝ ගත්ත කට්ටියත් කවද හරි හරි දේ ඉගෙන ගන්නවානම් තමය් අපි කැමති
    බොහොම ස්තුති මල්ලි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...